Monday, September 16, 2024
Follow Us
රසට කන්න රස රහස් ටිකක් මෙන්න

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඔයාලා හදන කෑමවල රස වැඩි කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පොඩි රස රහස් කිහිපයක් ගැන. බලන්නකෝ එහෙනම් මේ රස රහස් මොනවාද කියලා..

️ඕනම තෙම්පරාදුවකට සුදුලූනු නිකන් දාන්න එපා. ඒක අමු මිරිස් කරලක් එක්ක තළලා දාන්න. තෙම්පරාදුවට අමුතුම රසක් එකතු වෙනවා.

✳️තලපත් මිරිස් මාලු කරිය සමහර වෙලාවට ටිකක් දියයි නේද? එහෙනම් ඒ වෙලාවට රතු කැකුළු පිටි තේ හැඳි එකහමාරක් හොද්දට දාන්න. කරිය උකු වෙනවා. රසේ වෙනසක් නෑ. රස වැඩි වෙනවා විතරයි.

✳අපි දෙහි ලෙලි විසි කරනවා නේද මීට පස්සෙ එහෙම කරන්න එපා. ඒ දෙහි ලෙල්ල කුරුදු කෑලි දෙක තුනක් එක්ක වතුර කෝප්ප දෙකක් දාල තම්බගන්න. ඒ වතුර විෂබීජ නාශකයක් විදිහට ක්‍රියා කරනවා.

✳️බත උයනකොට දෙහි බිංදු දෙක තුනක් දාන්න. බත් පිසුනට පස්සෙ ඇට හොඳින් බැබළෙනවා.

✳️අපි හදන සැමන් කරිය තවත් රස වෙන්න තක්කාලි සෝස් හැඳි දෙකක් විතර දාන්න. හැබැයි බාගන්න ටිකකට කලින් ඒක කරන්න.

✳️කැරට් උයනකොට ගෙදර ඉතිරි වුණ කොස් ඇට එහෙම තියෙන්ව නම් දිග අතට කපල දාන්න. කජු දැම්ම වගේ තියෙනවා.

✳️බත් මුලට බැදුමක් බෙදනව නම් ඒ බැදුමට මාලු මිරිස් කරලක් කපල දාන්න. බත් මුලට රත්රන් වගේ සුවඳක් එනවා. ඒක රහසක්.

✳️දෙල් ගන්නකොට මතුපිට වහල්ලෙ උල් ගතිය අඩුවෙන් තියෙන දෙල් ගන්න. උල් වැඩි ඒවා වැඩිය පැහිල නෑ.

 

Tharunie