Monday, September 16, 2024
Follow Us
උම්බලකඩ බැදුම /සම්බෝල
කාර්යබහුල ඔයාලට මෙහෙම දෙයක් හදල තියා ගන්න. කෑම වෙලාවට ලේසී තව දෙකක් හදාගත්තම ඇති.
 
අවශ්ය ද්රව්ය (12කට පමණ)
ලොකු ලූණු 350g
උම්බලකඩ කෑලි 100g
කෑලි මිරිස් 15g
මීඩියම් සයිස් දෙහි ගෙඩියක යුෂ
සීනි තේ හැඳි 1
ලුනු තේ හැඳි 1
කරපින්චා ඉති දෙකක කොල හීනිවට ලියලා
රම්පෙ කෑල්ලක් පොඩිවට කපල
ලොකු සුදුලූනු බික් 3ක් චොප් කරගෙන
එනසාල් කරල් 3
අඟලක වගේ කුරුඳු කෑල්ලක්
බැදීමට තෙල් කෝප්ප 1
 
ලූනු ටික සුද්ද කරල පේපර් ටවල් එකකින් හොඳට පිහල ගන්න. අවශ්යම නම් පමණක් සෝදා ගන්න. ෆොටෝ එකේ වගේ පොඩිවට කපල ගැඹුරු තෙලේ බැදල තෙල් බේරෙන්න තියන්න. ලූනු කලු කර ගන්නත් එපා අමුවට ගන්නත් එපා.
 
ඒ තෙල් එකෙන්ම මේස හැඳි තුනක් භාජනයකට දාන්න. නන්ස්ටික් නම් වඩාත් සුදුසුයි . ලිපේ ගින්දර අඩුම කරල තෙල් එක රත් වෙලා තියෙන නිසා ඒකට කුරුඳු , එනසාල් දාල හොඳට බදින්න සුවඳ වෙන්න. දැන් ඒකට ලූනු ටික හැර අනික් සියල්ලම දාල හොඳට මික්ස් කරල සැරින් සැරේ මික්ස් කරමින් විනාඩි 45ක් පමණ බැද ගන්න. මෙහෙම අඩු ගින්දරේ බැද්දම මිරිස් කෑලි වල ,කරපින්චා වල එහෙම පාට වෙනස් වෙන්නෑ. උම්බලකඩ කෑලි ගල් වගේ වෙන්නෙත් නෑ. විනාඩි 45ක් විතර යනකොට බැදිල ඇති කියල හොයා ගත්තැකි සුදු ලූනු කෑලිත් ක්රිස්පි වෙන්නම බැදෙනව අමු රස නැතුව.
 
දැන් ඒකට ලූනු ටික දාල තව පැය කාලක් විතර අර විදියටම බදින්න. බැදල ලුනු ,සීනි සහ ඇඹුල් බලල ලිපෙන් බාන්න.
 
නිවෙන්න හැරල හොඳින් වේලපු, සුලන් නොවදින භාජනයක අසුරන්න . වියළි හැන්දක්ම පාවිච්චි කරන්න . ඔය ෆොටෝ එකේ තියෙන සයිස් මේස හැන්දෙන් 12ක් බෙදන්න පුලුවන් මේ ප්රමාණ වලින්. වැඩිපුර කනව කියල හිතනව නම් ඒ අනුව ගනන් වැඩි අඩු කර ගන්න. බත් එකකට වගේ මේ ප්රමාණය හොඳටම ප්රමාණවත්.
(මේ හදපු ටික මම දවස් 12ක් තියා ගත්තා ෆ්රිජ් එකේ නොදා. 12 වෙනි දවසෙ ඉවර වෙනකොටත් මුල දවස වගෙම ෆ්රෙශ් ඊටත් වඩා රසට තිබ්බ) දවස් 20ක් නම් ලේසියෙන්ම තියේවි වගේ නරක් නොවී වැඩිපුර හැදුවොත් ෆ්රිජ් එකේ නොදා)
 
අන්තර් ජාලයෙන්