Thursday, September 12, 2024
Follow Us
කෑම රුචිය වඩවන තැම්බුම් හොද්ද
.කෑම රුචිය වැඩි කරන තැම්බුම් හොද්ද හදන විදය අද බලමු.
ලංකාවේ විවිධ පළාත්වල මෙය විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. දකුණු හා බස්නාහිර පළාත්වල මිරිස් හොද්ද ලෙසත් උඩහ පළාත්වල තැම්බුම් හොද්ද ලෙසද දෙමළ ජනයා රසම් ලෙසද හඳුන්වනු ලබනවා.
 
කිරි එරීම හා අලුත් මව්වරුන්ගේ ප්රතිශක්තිකරණය වැඩි කරන සුදු ලුණු වැඩි ප්රමාණයක් රසම් වල අඩංගු වෙනවා. ඒ සුදු ලූණු වල සෙරනියම්, විටමින් B 6 සංඝටක අඩංගු වන නිසා වන අතර එමගින් දරු ඵල වැඩි වීමක්ද සිදු වන බව ද අන්තර්ජාල තොරතුරුවලින් පෙන්වා දී තිබෙනවා.
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
රතුලුනු ගෙඩ් 10
සුදු ලූණු බික් 4
සූදුරු හැන්දක්
ගම්මිරිස් ඇට 20
කරපිංචා
ගොරකා හෝ සියබලා 50g
කුරුදු පොත්තක්
කොත්තමල්ලි ඇට 20
කහ කුඩු අවශ්යනම්
වතුර කෝ්ප්ප 3 ක්
මුරුංගා පොත්තක්
අවශ්යනම් මිරිස් ,ඉගුරු ,රම්පෙ හෝ සේර එක්කරගත හැකි
ලුණු
 

සාදන ආකාරය

* සුදුලූනු ,රතුලුනු ,කපා හෝ තලාගන්න
අනිත් ද්රව්ය සාමාන්ය තරමට ගලේ අඹර ගන්න.
* භාජනයක් ලිප තබා වතුර හා ඉහත සදහන් සියල්ල ලිපතබා ව්.25 පමණ පිසගන්න
* මේක ඉදුනම හොද සුවදක් එනවා.
සමහරක් පිරිස් මෙය පෙරා පොඩ්කර ආහාරයට ගනු ලබති
මේකෙ කිසිම අගුණ දෙයක් නැති නිසා පෙරන්නේ නැතුව ගත්තත් ප්රශ්ණයක් නැ.
* උණක් බඩේ අමාරුවක් හැදුනු වෙලාවට,අතීසාරය හැදුනු කෙනෙකුට
උණ තියෙන වෙලාවට කෑම අරුචිය යන්න මේක හොද ඛෙහෙතක්
බත් හෝ පාන් එක්ක කන්න පුළුවන්