Tuesday, June 23, 2026
Follow Us
හතු බැදුම

අවශ්‍ය දේවල්

 

හතු ග්‍රෑම් 500 ක්

ලූනු ග්‍රෑම් 500 ක්

රස අනුව ලුණු

මිරිස් කුඩු තේ

හැඳි 1 ක්

සුදුලූනු බික් 4 ක්

කරපිංචා ඉති 7 ක - 8

ක කොළ

බැදීමට අවශ්‍ය

පමණට තෙල්

 

සාදන ආකාරය

හතු සෝදා වතුර බේරා සිහින් තීරුවලට කපාගන්න. ලූනු හා සුදුලූනු සිහින්ව කපාගන්න. තෙල් ටිකක් වෙන්න එක්කර හැඳිගාමින් හතු බැද ගන්න. ලූනු හා සුදුලූනු ද බැදගන්න. දැන් කරපිංචා කොළත් බදින්න. මේ තුන් වර්ගයම වෙන වෙනම තෙල් බේරෙන්න පේපර් සර්වියට් මත තබන්න. දැන් සියල්ල භාජනයකට එක්කර එකට කලවම් කරගන්න. එයට රස අනුව ලුණු, මිරිස් කුඩු එකතු කරන්න. දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරන්න.

(Tharunie)