Wednesday, May 15, 2024
Follow Us
මහත අයට ඉක්මනින් කෙට්ටු වෙන්න

ලස්සනට ඉන්න අපේ ළඳුන් බොහොම කැමැතියි. ඒත් මොනතරම් ලස්සනට ඉන්න කැමැති වුණත් සමහරකුට කට නිසා ඒක බැරි වෙනවා. හිතූ හිතූ දේ කමින් මහත් වෙනවා.

තවත් පිරිසක් ඉන්නවා වෙනත් හේතු නිසා මහත් වෙන.

කොහොම වුණත් මේ අතර සමහර අය කෑම පාලනය කර බර අඩුකර ගනිමින් කෙට්ටු වෙන්න උත්සාහ කරනවා.

එලෙස බර අඩුකරගන්න උත්සාහ කරන අයට වගේම තමන්ගේ සිරුර යම් පාලනයකින් තියාගෙන ඉන්න කැමැති අයත් ඉන්නවා.

ඒ අයට තමන්ගේ බර අඩුකර ගන්න කීටෝ ආහාර තමන්ගේ කෑම වේලට එකතුකර ගත හැකියි. කීටෝ ආහාර කියන්නේ පිෂ්ටය අඩු ආහාරයි. මෙහිදී පිෂ්ටය අඩු, පිෂ්ටය ඉතාම අඩු, ප්‍රෝටීන් වැඩි, මේදය අධික ආදී ලෙස විවධ ආහාර වර්ග දැකගත හැකියි. කීටෝ ආහාරවල ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉතා කෙටි කාලයකින් ශරීරයේ බර අඩුකර ගෙන කෙට්ටු වීමට හැකි වීමයි. මේ එවැනි තීටෝ ආහාර කිහිපයකි.

මේ ආහාර ඉදිරිපත් කරන්නේ 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහයේ සාමාජිකාවන් කිහිප දෙනෙකි.

 

ස්තූතිය - ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

චීස් ඔම්ලට් සමඟ වෙජිටබල් සැලඩ්

 

එළවළු සලාදය සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් ඔයිල් මේස හැඳි 1 ක් -

කැලරි 119

විනාකිරි මේස හැඳි 1 ක් -කැලරි 3

බ්ලැක් ඔලිව් ගෙඩි 10 ක්- කැලරි 44

ලොකු ලූනු ගෙඩි භාගයක් -

කැලරි 21

පිපඤ්ඤා ගෙඩි භාගයක් - කැලරි 15

කොළ බෙල් පෙපර් භාගයක් -

කැලරි 16

රතු බෙල් පෙපර් භාගයක් -

කැලරි 16

කහ බෙල් පෙපර් භාගයක් -

කැලරි 16

කොළ ඇපල් ගෙඩියක් - කැලරි 95

 

සාදන ක්‍රමය

පිපිඤ්ඤා පෙති කපාගන්න. අනෙකුත් දේවල් කැමැති හැඩයකට කපාගන්න. ඔලිව් තෙල් හා විනාකිරි දමා මිශ්‍රකර එළවළු සැලඩ් එක සකසාගන්න. රස අනුව ලුණූ හා ගම්මිරිස් අවශ්‍ය නම් යොදන්න.

************

Keto omelet

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 2 ක් කැලරි 143

ලොකු ලූනු ගෙඩි 1ක් - කැලරි 41

අමුමිරිස් කරල් 5 ක් - කැලරි 4

මීට් බෝල්ස් ග්‍රෑම් 50 ක් (තමන්ට කැමැති නම් චිකන් හෝ මාළු) -

කැලරි 113.5

ගම්මිරිස් තේ හැඳි 1 ක් - කැලරි 6

ලුණු අවශ්‍ය තරම්

ඔලිව් ඔයිල් මේස හැඳි 1 ක් -

කැලරි 119

බටර් මේස හැඳි 1 ක් - කැලරි 108

මොසරැල්ලා චීස් ග්‍රෑම් 30 ක් -

කැලරි 90

 

සම්පූර්ණ කැලරි - 624.5

කාබොහයිඩ්‍රේට් - 17.3

 

සාදන ක්‍රමය

පළමුව බඳුනක් ළිප තබා එයට ඔලිව් තෙල් දමා ගෙන මීට් බෝල්ස් ටික බැඳගන්න. ටික වේලාවකින් ලූනු, අමුමිරිස්, ලුණු, ගම්මිරිස් දමා තෙම්පරාදු කරගන්න.

වෙන පෑන් එකකට බටර්වලින් භාගයක් දමා එයට හොඳීන් ගසාගත් බිත්තර මිශ්‍රණය දමන්න. පියනකින් වහන්න. ටික වේලාවකින් පියන ඇර ඔම්ලට් එක දෙපැත්තෙන් උස්සලා ඉතිරි බටර් ටික ඔම්ලට් එක යටට දමා ගන්න. ඔම්ලට් එක උඩින් මීට් බෝල්ස් මිශ්‍රණය දමන්න, චීස් ද දමන්න. නැවත පියනෙන් වහන්න. චීස් ටික උණු වූ පසුව ඔම්ලට් එක නමාගන්න.

(Tharunie)