Saturday, April 27, 2024
Follow Us
හරිම විදිහට scrub කරන්නේ මෙහෙමයි

ලස්සනම පාට සොබා දහමේ පාට. මේ ලස්සනම පාට ඇස්වලින් දැකලා හදවතින් විඳගන්න. සොබාදහම එක්ක ජීවත් වෙන්න සොබා දහම විශ්වාස කරන්න. එහෙම කළොත් අපේ ජීවිතයට සොබාදහම හරි අපූරුවට ආශීර්වාද කරයි. ඉතින් තරුණ ගැහැනු ළමයි ලස්සනට ඉන්න, කැපී පෙනෙන්න හරිම ආසයිනෙ. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ඔයාලගෙ මුහුණ ලස්සනට තියාගන්න නම් ස්ක්‍රබ් කිරීමත් හරිම වැදගත්.

තරුණ ගැහැනු ළමයි scrub කරන එක නිතරම කරන දෙයක්නේ. මුහුණේ තියෙන මැරුණු සෛල ඉවත් කිරීම තමයි scrub කිරීමෙන් කරන්නේ. අපි සාමාන්‍යයෙන් මුළු ඇඟම scrub කරනවා නම් ඒ සඳහා ‘Body Scrub’ වර්ග වෙෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මුහුණ Scrub කරනවා නම් ඒ සඳහා වෙනම face Scrub තියෙනවා. ඒත් හරියටම Scrub කරන්නේ කොහොමද කියලා ඔයා දන්නව ද? නැත්නම් ඔයා Scrub කරන්නේ හැමෝම කරන නිසා ද? ඉතින් එහෙම නැතුව හරියටම Scrub කරන්නේ කොහොමද කියලා අද අපි කියලා දෙනවා.

සාමාන්‍යයෙන් Scrub වර්ග කිහිපයක් තියෙනවා

Scrub Cream

Scrub Mask

Scrub Pack

Scrub Gel

කොච්චර Scrub කළත් මැරුණු සම ඉවත් වෙලා නැත්නම්

සමේ පැහැපත් බව නැතිවීම

කළු ලප ඇතිවීම

දුර්වර්ණවීම

අපිරිසුදු ස්වභාවයක් ඇතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්.

ඔබ දන්නවාද ?

මුහුණ විතරක් නෙමෙයි. Scrub කරනවා නම් body එකත් Scrub කරන්න ඕනේ. මුහුණ Scrub කරනවා නම් සතියකට දවස් 02 – 03ක් වගේ කරන්න. ඒ වගේම body එක Scrub කරනවා නම් සතියකට 01 දවසක් විතර කිරීම ප්‍රමාණවත්.

ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණේ නිතර නිතර සමේ කළු ලප (Black heads,White heads) ඇතිවනවා නම් ,එහෙමත් නැත්නම් skin එකේ අධික oily ගතියක් තියෙනවා නම්, හරියටම සතියට දවස් හතරක් විතර Scrub කරන්න ඕනේ. හරි විදියට මුහුණේ මැරුණු සෛල ඉවත් වුණාම skin එක නිරෝගී වගේම fair බවක් ඇති වෙනවා.

මේ විදිහට Scrub කරමු

Scrub කරන්න කලින් මුලින්ම හොඳම Scrub එකක් තෝර ගන්න. ඔලිව් ඔයිල්, ඇප්රිකොට්, ආමන්ඩ් වගේ දේවල් අඩංගු වෙලා තියෙන Scrub එකක් නම් ගොඩක් හොඳයි.

Scrub කරන්න කලින් මුහුණ හොඳට සෝදලා තෙත් ගතිය තියෙනකොටම Scrub කරන්න පටන් ගන්න.

ඊළඟට ඔයා තෝරාගත්ත Scrub එක මුහුණේ තැනින් තැන සුළු ප්‍රමාණවලින් ගා ගන්න.

දැන් කවාකාරව මෘදු ආකාරයෙන් සම්බාහනය කරන්න.

මෙන්න මේවා මතක තියාගන්න

Scrub කරනකොට skin එක නොඇදෙන ආකාරයට කරන්න ඕනේ.

ඒ වගේම සම සීරෙන ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන ආලේපන භාවිත කරන්න එපා.

විනාඩි 3 – 5ක් වගේ time එකක් Scrub කරාට පස්සේ මුහුණ සෝදන්න.

ඉන් පසුව cotton කැබැල්ලක් අරගෙන මුහුණේ toner ආලේප කරගන්න

අවසානයට moisturizer cream එකක් ගල්වන්න.

scrub කරනකොට හැමදාම scrub කරන්න එපා. හිරු කිරණ වලින් වන හානිය වලක්වා ගන්න රාත්‍රි කාළයේදී විතරක් scrub කරන්න.

ඒ වගේම ඇස් වටේ scrub කරන්නත් එපා.

ඉතින් අද ඔයාලට කියලා දුන්නා කොහොමද හරියටම scrub කරන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි හරියටම use කරන්නේ කොහොමද කියලත් කියලා දුන්නා. ඉතින් ඔයාට පුළුවන් අද ඉඳන් හරියටම scrub කරන්න. ඒ වගේම skin එක ඉක්මනට fair කරගන්නත් ඔයාට පුළුවන්.

-Tharunie