Saturday, April 27, 2024
Follow Us
තනියම දාන්න පුළුවන් සිම්පල් මේක්අප්

එදිනෙදා ගමනට බිමනට සිම්පල් මේක්අප් එකක් හරියට දාගන්නෙ කොහොමද කියල නොදන්න බොහෝ තරුණියන් අප අතර ඉන්නවා.

සිම්පල් මේක්අප් එකක් කිව්වම උත්සවයකට වගේ මේක්අප් එකක් දාල හරියන්නෙ නෑනෙ. සාමාන්‍ය මේක්අප් එකකට ගැළපෙන දේවල් වෙනම තියෙනවා වගේම ඒ හරිම සුළු දේවල් ටිකක්. අද බියුටි පිටුවෙන් ඔයාලට දැනගන්න පුළුවන් සිම්පල් මේක්අප් එකක් කරන්න උවමනා දේවල් වගේම තමන් තනියම ක්වික් මේක්අප් එකක් දාගන්නෙ කොහොමද කියලා.

● මේක්අප් එකට කලින් රෝස වතුර

ඕනම මේක්අප් එකක් දාන්න කලින් පුළුං කැබැල්ලකට රෝස් වෝටර් ටිකක් දාලා මුහුණේ ආලේප කිරීම වැදගත්. ඒ වගේම සාමාන්‍ය මේක්අප් එකකදි ප්‍රයිමර්ස් භාවිත කිරීම අවශ්‍ය නෑ.

● ෆවුන්ඩේෂන් කලර්ස් දෙකක් මිශ්‍ර කළොත්...

රෝස් වෝටර් මුහුණේම වියලුණු පසු ඔබ භාවිත කරන ෆවුන්ඩේෂන් එක ගෙන මුහුණේ සහ බෙල්ලේ ඩොට්ස් විදිහට තබාගෙන පසුව හොඳින් ආලේප කරන්න. මේ දේවල්වලට ස්පොන්ජ් එකක් අවශ්‍යම නෑ. අත් දෙකෙන් වුණත් කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් පාට දෙකක් මිශ්‍ර කරල හදාගත්තොත් සමේ පාටටම සමාන පාටක් ගන්න පුළුවන්. නමුත් මුහුණේ හැම ප්‍රදේශයම එකම පාටකට බැලන්ස් වෙන විදිහට ප්‍රවේශමෙන් ආලේප කරගත යුතුයි.

● ෆවුන්ඩේෂන් එක සීල් කරගන්න

ෆවුන්ඩේෂන් එක සීල් කරගන්න රෝස් පවුඩර් ටිකක් ගාගන්න ඕන. මේ දේටනම් පවුඩර් බ්‍රෂ් එකක් අවශ්‍යයි.

● ඇහි බැමිවල තියෙන ඇද හදාගන්න

ඇහිබැමි අයි ජෙල් එකකින් වගේම පැන්සලකිනුත් ඇඳගන්න පුළුවන්. නමුත් ප්‍රදානම දේ තමයි ඇහිබැමි ගොඩක් තදට ඇඳගන්න එපා. මොකද මේක සිම්පල් මේක්අප් එකක් නිසා. අයිබ්‍රෝ එකක් පාට කරන්නෙ ඇහිබැමිවල තියෙන ඇද ටික හදාගන්න මිසක් ඒවා ලොකු කරලා පේන්නවත් කැපිලා පේන්නවත් නෙවෙයි.

● අයිබ්‍රෝ මස්කාරා...

ඇහිබැමි ජෙල් එකෙන් හදාගත්තට පස්සෙ අයිබ්‍රෝ මස්කාරා එකකින් ආයෙමත් හෙමීට ඇහැබිමි උඩ ඇඳගන්න. මේක අනිවාර්ය නෑ. නමුත් මුහුණේ පවුඩර් ගානකොට ඒ පවුඩර් ඇහිබැමිවල රැඳෙන නිසා අයිබ්‍රෝ මස්කාරා එකක් භාවිතය වැදගත්.

● සිම්පල් අයි ෂැඩෝ එකක්

ඊටපස්සෙ කලර් පැලට් එක අරගෙන තමන්ගෙ ඇස්වලට ගැළපෙන දිලිසෙන වර්ණයක් ඇස් මුල ආලේප කරගන්න. ඊට වඩා ටිකක් දිලිසෙන වර්ණයක් ඇසේ මුල ආලේප කරගන්න.

● අයි ලයින් එක මහතට එපා

මේ දේ තනියම කරගන්න ටිකක් අමාරුයි. ඒත් පුරුදු වුණාම බැරි නෑ. අයි ලයිනර් එක අරගෙන ඇහේ මුල සිට අගට හෙමීට සිහින් ඉරක් ඇඳගෙන යන්න. ඇහැ අඟට යද්දි ඉර ටිකක් දිගට ගන්න. ඕනවට වැඩිය මහතට අයි ලයිනර් එක අඳින්න එපා.

● මස්කාරා

අයිලයිනර් එකෙන් ඇහැ වටේට ඇඳගත්තට පස්සෙ මස්කාරා එක අරගෙන ඇහි පිහාටු සකසාගන්න.

● තොල් ආලේපන...

කැමතිනම් තොල් ආලේපන ගල්වන්න කලින් ලිප් ලයිනර් එකකින් තොල් වටේට ඇඳගන්න පුළුවන්. ලිප්ස්ටික් ගාන්න කලින් ලිප් බාම් එකක් ගාගන්නත් පුළුවන්. අවසානයේ තමන්ට ගැළපෙන ලා වර්ණයක ලිප්ස්ටික් එකක් ආලේප කරගන්න. මේ දේත් කලර් දෙකක් මික්ස් කරල ගෑවොත් තොල් වලට ලස්සන පැහැයක් ගන්න පුළුවන්.

- Navaliya