නුඹටම ආදරේ කරන තරම්
තුරු සෙවණ යට ඉඳන්
හුදෙකලා වී මෙසේ
කියවන්නේ “පැවරුමක්”
වෙන්න බෑ දියණියේ...
මල් සුවඳ රැගෙන එන
නිල් ගුවනේ සැරිසරන
පාට සරුංගලයක් වගේ
මුතු අකුරු ඇඳි පෙම්පතක් - දෝ
දියණියේ...?
සමාවුව මැනවි මට
දිසාපාමොක් ඇදුරු තුමනේ
සත් වසරකට පසු
වැලිකතර හැරදා
මගේ මුව සිපගන්න
අම්මා එනවා ගම... රට...
කියා තිබෙනවා
මගේ මේ පෙම්පතේ...!
yayawatta
හිතේ ඇති කදුලු බිඳු
නෑඹිලියෙ දියකරන්
ඔබ පිසූ රසමසලු
මගෙ උගුරෙ හිරකරන්
මගේ මුලු හිත්පතම
දෙඇස තුල බොඳකරන්
සොයමි මම අම්මෙ නුඹ
ආදරේ ගුලිකරන්
ඔබෙ හිනාවත් එක්ක
ගුලිවෙන්න පොරබැඳන්
මගේ හිත්මල් යායෙ
මල් පිපේ ඇතිතරන්
පෙර පිනෙන් මං ලැබූ
දේවතා ඇස් අරන්
හැමදාම මං ළඟින්
ඉන්න දෙවියෙක් වෙයන්
සඳමාලි රොද්‍රිගෝ - ඇමෙරිකාව
Page 23 of 49