"දරුවන් මල් වගේද?
නෑ...දරුවන් වතුර වගේ....
ඔබ දාන භාජනයේ හැඩය අනුව ඔවුන්ගේ හැඩය වෙනස් වෙනවා....
ඔබ දාන වර්ණක අනුව ඔවුන්ගේ පාට වෙනස් වෙනවා....
ඔබ මුසුකරන දේ අනුව ඔවුගේ ගුණ සුවද වෙනස් වෙනවා...."
ඔව් මහත්තයෝ ඔය තමයි
එහේට යන පාර
ටිකක් දුර ගියාම
අහුවෙයි පාළු අම්බලම
එතනින් හැරිලා ගියාමයි
අහුවෙන්නෙ වැලි පාර
එතන සුදු කොඩියක් ඇති
ඒ තමයි මළ ගෙදර
වාහනෙන් යන්න බෑ මහත්තයෝ
තියෙන්නේ අඩි පාර
ගුරුතුමී කියු නිසා නොලියාම ඉන්න බෑ
අම්මා ගැන කිසි දෙයක් මං තාම දන්නෙ නෑ
කුඩම්මා ගැන මිසක් ලියන්නට දෙයක් නෑ
සඳ හැංඟි ගියාමුත් තනි තරුව මැකුණෙ නෑ...
අම්මලා ගොඩක් ආදරේ පුතුන්ටයි කියනවා.....
පුතාලත් අම්මට බොහෝ ආදරය කරනවා......
පුතෙක් නිසා පවුලට හයියක් ලැබෙනවා.....
ඒනිසා හුඟ දෙනෙක් පිරිමි පුත්තු පතනවා......
දැනන් හිටියා කවදාක හරි
මෙහෙම දවසක් එයි කියා...
දුකක් කදුලක් නොදි හැදුවෙම
මගෙ තුරුලේ කල් අඩු නිසා..
ආත්මාර්තයෙන් හැමදාම
අපි අපේ තැන හොයද්දි
අම්මල වෙලා අක්කල වෙලා
නංගිල වෙලා බිරිඳක් වෙලා
වුන් හැමදාම වෙහෙසුනා
Page 23 of 44