Tuesday, February 03, 2026
Follow Us
දවසක් දා
ඇහේ අලවපු කඳුළු
සේරම පිහුවා..
ඉරපු හදවත
සෙනෙහසින් මැහුවා..
ගැට ගහපු බෙල්ල
සීරුවෙන් ලිහලා,
ඉරිතැලුන දෙතොල්
හිනාවෙන් වැහුවා..
තැලුණු හිත
මසාජ් කෙරුවා..
ගිනි ගහන ආත්මෙට
පෙම් ගඟක් හැලුවා
හිල්වෙච්චි පපු කැහුතු වල
මල් පොකුරු හිටවා,
පපුව මැද්දට වෙන්න
මගෙ නමත් ලිවුවා..
"සොරි මචං මේ කොල්ලා,
උඹෙ කෙල්ල දවසක් හීනෙන් ඉම්බා..
 
ඇප෴ලා