සීත තිමිරය තුනී වෙන තුරු හීන් උණුහුම වෙලා රැඳුණු
ගීතිකාවක් තරම් සුන්දර අතීතය මතකයක් තියුණු
හාදකම් ඇතිවෙලා බැඳුනට ආයෙමත් නොදැනීම ලිහුනු
වාරකන් කාලයක් ආවම පහසු නෑ එක්වෙලා නිවෙනු
තාල නැති කවි පේලි අතරේ හදිස්සියෙ පැටලිලා වැටුණු
දැවී අලුවී නිවී යද්දිත් මුනි වතින් දින ගෙවා දැමුනු
අත් හැරෙන්නට නොදී අල්වා පපුවටම ගුලි කරන් හැඬුණු
සෙනේවන්තම තරුත් තිබුණා අහස අත්හැර කඩා වැටුණු
chathishi buddika