ඉන්දියාව සමග ඒකාබද්ධව හවුල් කළමනාකරණයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට සූදානම්වනවා. විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ පැවසුවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි‘.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. ඒ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් විශේෂ පහසුකමක් සලසා දෙමින්.
ඉන්දියානු තෙල් සමාගමට බදුදී ඇති තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට පවරා ගන්නේ යැයි තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Chairman of the Presidential Commission to Investigate the Easter Sunday Terrorist Attack Minister Chamal Rajapaksa said the most appropriate action would be taken against those responsible for the attack after a thorough study of the commission report.
කොවිඩ් එන්නත් 39,078 ක් ඊයේ (20) දින තුළ ලබා දී ඇති අතර මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302,857 ක් බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.
ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් ආපසු ලබා ගැනීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මේ වන විට ව්‍යාකූල තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් මාධ්‍යයවේදීන් විමසූ කළ එතුමා පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙන් තනි වචනයකිනි. මේ සම්බන්ධයෙන් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ඊයේ දිනයේ අදහස් දැක්වූ අතර ඔවුන් අතර නාමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යයවරුන් මෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතාද විය.
A proposal will be submitted to cabinet today, to obtain a sum of 52.5 million US dollars from the treasury to purchase 10 million Astra Zeneca vaccines from the Serum Institute in India, the Daily Mirror learns.
දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ වාර්තාව අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මිලදී ගැනීමට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා රජය මගින් එම එන්නත නිපදවන ඉන්දියාවේ සීරම් ආයතනය වෙත ගෙවා දැමූ බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
President Gotabaya Rajapaksa has categorically directed that officials with decision-making powers must attend District and Regional Development Committee meetings to implement people-centric projects.
මන්දගාමී හා අකාර්යක්ෂමව කටයුතු කරන අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනකු හා රාජ්‍ය සංස්ථාවන්හි සභාපතිවරුන් කිහිප දෙනකු ඉදිරි සති කිහිපයේදී වෙනස් කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබේ.
The World Health Organization (WHO) has agreed to increase the percentage of vaccines and most likely would provide at least 27% to us, Army Commander Gen. Shavendra Silva said today.
Appeal Court Judge Sobhitha Rajakaruna has been appointed as a member to the Special Presidential Commission of Inquiry on Political victimization.
පැරණි අංක 82/83 හා (එම්/එෆ්) කාණ්ඩ යටතේ ලියාපදිංචි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.
The Mass Media Ministry has requested from the Health Ministry that priority is given to journalists and postal workers in the COVID-19 vaccination program, citing that they are at high risk of contracting the virus due to the nature of their profession.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. මීට පෙර ප්‍රකාශ කර තිබුණේ වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින්ට පමණක් එම එන්නත ලබාදෙන බවයි.
පසුගිය යුධ සමයේ මානුෂීය මෙහෙයුමේදී යම් මානව හිමිකම් කඩවීම් සිදුව ඇති නම් ඒ පිළිබඳව විමර්ශනය කර වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රජය සූදානම් බවත් ඒ සඳහා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කොමිසමක් ද පත්කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවක සේවිකාවන් 425දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දී තිබේ.
Page 393 of 645