Friday, January 16, 2026
Follow Us
කලාකරුවන්ට එන්නත කඩිනමින් ලබා දෙන්න

කලාකරුවන් වෙනුවෙන් කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහින්ද ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.

අගමැතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඇමැතිවරයා ඉල්ලා ඇත්තේ සිනමාව, ටෙලි නාට්‍ය හා රංග කලාව, සංගීත හා වෙනත් ප්‍රාසාංගික කලාකරුවන්ටත්, ගත් කතුවරයන්ට මෙන්ම රෝගී වී සිටින හා ශල්‍ය කර්ම සඳහා භාජනය වූ කලාකරුවන්ට නාරහේන්පිට යුද හමුදා රෝහල මගින් හෝ මෙම එන්නත ලබාදීමට පහසුකම් සලසන ලෙසයි.

ඇමැතිවරයා මෙම ඉල්ලීම කරන ලද්දේ කොවිඩ් ඇඳිරිනීතිය පැවැති කාලයේ පවා කලාකරුවන් ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් හා දේශීය කලාව වෙනුවෙන් ඔවුන්ගේ නිරෝගී සුවය රටට අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස සලකමිනි.

(Aruna)