Friday, January 16, 2026
Follow Us
දෙවන මාත්‍රාව ප්‍රමාද වුවත් බය වෙන්න එපා

කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වුවත් බිය වීමට හේතුවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එන්නතෙහි පළමු මාත්‍රාවෙන් සති 12කට පසු දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කිරීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය වීමක් සිදුවන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

එසේම මෙරටට ලැබී ඇති එන්නත් ප්‍රමාණයෙන්, එන්නත ලබාදිය හැකිවන්නේ ලක්ෂ හතක පමණ පිරිසකට බවද නි​යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

කෙසේ වුවද ඉදිරියේදී එන්නත් ලැබෙන ප්‍රමාණය පිළිබඳව ස්ථීර සහතිකයක් නොලැබීම නිසා එන්නත ලබාදීමේදී ඉදිරියේදී අවදානමක් පවතින බවද ඔහු සඳහන් කරයි.

(Aruna)