Thursday, March 28, 2024
Follow Us
මත්තල ගුවන්තොටටත් ඩියුටි ෆ්‍රී ෂොප්

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර මාර්තු මාසය අවසානය වන විට විවෘත කළ හැකි බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවැසීය.

පසුගිය රජය සමයේ දී වී ගබඩා කිරීමත් සමග වසා තැබූ මත්තල ගුවන්තොටුපොළ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ගුවන් ගමන් සඳහා විවෘත කෙරිණි. නියමු ව්‍යාපෘතියත් සමග පසුගිය දෙසැම්බර් 28 දින ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ පමණක් මේ වන විට 3700ට අධික සංචාරකයන් පිරිසක් පැමිණ ඇත.

ඊට අමතරව ගාලු වරායෙන් නැව්ගත වන නාවික කාර්ය මණ්ඩල රැගත් ගුවන් යානා, විදේශගතව සිටින විශාල පිරිසක්ද ගෙවුණු කාලයේ දී මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ තිබිණි.

එහෙත් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තීරු බදු රහිත සාප්පු සංකීර්ණ නොමැතිකමින් ඔවුන් දැඩි ගැටලුවකට මුහුණ දුන්නා. ඒ අනුව ගුවන්තොටුපොළට පිවිසෙන හා පිටවන පර්යන්තවල විදුලි උපකරණ, තෑගි භාණ්ඩ, තේ, මත්පැන්, චොකලට් හා අවන්හල් ආදි සංකීර්ණ දෙක බැගින් විවෘත කිරීමට සැලසුම් කර ඇත.

(Aruna)