හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සෑම දිස්ති‍්‍රක්කයකටම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොවිඞ් අවධානම සැලකිල්ලට ගනිිමින්. ඒ අනුව මෙම විශේෂ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරෙන්නේ කොවිඞ් ආසාදිත විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පැවසුවේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් ස`දහන් කළේ හෙට ආරම්භ වන විභාගයේ ප‍්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,513ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ඔස්සේ විභාගය ක‍්‍රියාත්මක වන අතර සියලූ විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණා.
(Neth)