පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කිරීම අප්‍රේල් මස 30 න් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වන බවට පැතිර යන පුවත් අසත්‍ය බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 29 පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට ගෙන්වන ඉන්ධන සෑමවිටම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල පරීක්ෂාවකට ලක්කෙරෙන බවයි.
පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට අවශ්‍ය අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසට තමන් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.
දැනට පවතින විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ෂධක් සමාගමෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 6,000ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අක්ෂි කාච සහ හෘද ශල්‍යකර්ම සදහා යොදාගන්නා ස්ටෙන්ට් වර්ගවල උපරිම මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.
Page 208 of 645