Sunday, May 12, 2024
Follow Us
අගමැති ධූරය විපක්ෂයට දීමට ජනපති එකඟවෙලා?

ආර්ථික අර්බුදය හරහා මේ වන විට මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් අගමැති ධූරය විපක්ෂයට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් පසුවන බව වාර්තා වෙයි.

ඒ අනුව බහුතරයේ විශ්වාසය දිනා ගත හැකි විපක්ෂයේ අයෙක්ට එම ධූරය හිමිවනු ඇති.

රට ආරාජිකත්වයට යාමට ඉඩ දීමෙන් වැලැක්වීම සඳහා පොදු එකඟතාවන් මත විපක්ෂයට ද පාලන කටයුතු සඳහා මැදිහත්වීමට අවස්ථාව ලබා දීම මේ මොහොතේ වැදගත් බවටයි ආණ්ඩු පක්ෂය තුළ සාකච්ජා වී ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයා අද දින ජාතිය ඇමතීමටද සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එහිදී මේ ගැන සඳහන් කරනු ඇති බවද සඳහන්.

(LNW)