Saturday, May 11, 2024
Follow Us
කබ්රාල්ට රටින් පිටවීම තහනම්

කබ්රාල්ට එරෙහිව නියෝගයක්


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා විසින් මෙම විදෙස් ගමන් තහනම පනවනු ලැබුවේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකළ පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට මේ මස 18 වනදා දක්වා මෙම විදෙස් ගමන් තහනම බලපැවැත්වෙනු ඇති.

රට තුල සිදුවූ අක්‍රමිකතා වලට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වගකිව යුතු බවත් ඔහු විදෙස් ගත වීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන ලෙස ඉල්ලමිනුයි හිටපු ආණ්ඩුකාරවරයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ.

(Aruna)