මහ කන්නයේ වගා කරන ගොවීන් සඳහා මෙට්ට්‍රික් ටොන් 12,000 ක පොහොර තොගයක් තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. 75 වැනි නිදහස් සමරුවට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය දියත් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
COVID වසංගතයෙන් තර්ජනයට පත් ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය ආයෝජකයන්ගෙන් ආකර්ෂණය සහ පාරිභෝගික විශ්වාසය නැවත ලබා ගනිමින් ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීමට හැකියාව ඇති බවට සැකයක් නැත.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ සුබසාධක දීමනා ගෙවීමේ හැකියාවක් නොමැති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
01 මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
විවිධ ප්‍රකාශ නිකුත් වන තරම් රටේ මන්දපෝෂණයක් නොමැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. එම වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි.
Page 123 of 638