Sunday, February 15, 2026
Follow Us
සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ඔක්තෝබර් 25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක් එම පොදු සමා කාලය වලංගු වනවා.

එම පිරිසෙන් අය විය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

Neth