සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට කළ නිර්දේශය
මත්පැන් කර්මාන්තය සඳහා භාවිත කරන ස්වාභාවික රා මිල දෙගුණයකට වැඩි අගයකින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කර තිබේ.
ස්වාභාවික රා ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් එකසිය තිහක් පමණ වැය වුවත් මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා මගින් රා ලීටරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් හැටක පමණ මිලකටවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
කෘත්‍රිම රා නිෂ්පාදනය අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත කරන ලද දැනුම් දීම මත සුරාබදු කොමසාරිස් විසින් ඊට අදාළ වාර්තාවක් අමාත්‍යාංශයට බාර දී ඇත.
දෛනිකව මෙරටට අවශ්‍ය රා ප්‍රමාණය ලීටර් එක්ලක්ෂ හැට දහසක් වුවත් ස්වාභාවික රා නිෂ්පාදනය වන්නේ ලීටර් හතළිස් පන්දහසක් පමණි. ලීටර් එක්ලක්ෂ පහළොස් දහසක්ම කෘත්‍රිම රා බව මුදල් අමාත්‍යාංශය කියයි.
තවද මෙම කෘත්‍රිම රා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවද අනාවරණය වී තිබේ.
මෙරට පාරම්පරික කර්මාන්තයක් වන රා නිපදවීම ශ්‍රමිකයන් නොමැති වීමද ගැටලුවකි. එය නගා සිටුවීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම නියෝජනය වන ආකාරයෙන් දස පුද්ගල කමිටුවක්ද පත්කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි ‘සති අග අරුණ’ ට පැවසීය.
ස්වාභාවික පොල් රා කර්මාන්තය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර දැනට මැදීම් සඳහා යොදා ගන්නා පොල් ගස් සංඛ්‍යාව අනූ දහසේ සිට ලක්ෂ දෙකක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය වී ඇතැයි ඒ සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට අවශ්‍ය වී තිබෙන බවද කොමසාරිස්වරයා කීවේය.
එමෙන්ම පොල් රා කර්මාන්තය වෙනුවෙන් පොල් ගස් බදු ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ. මෙමගින් පාරම්පරික රා කර්මාන්තය නගා සිටුවීමට පමණක් නොව කෘත්‍රිම රා නිෂ්පාදනයද මැඬපැවැත්විය හැකි බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Aruna