Sunday, February 15, 2026
Follow Us
ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05 ක් අද කල් ඉකුත් වෙයි

කොරෝනා මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05 කට අධික ප්‍රමාණයක් අද සිට කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ කල් එලෙස ඉකුත් වන ෆයිසර් එන්නත් ප්‍රමාණය සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

දිවයින පුරා පිහිටි රෝහල්වලට බෙදා හැර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ආපසු ගෙන්වා ගැනීමෙන් පසු ගණනය කර එය ප්‍රකාශයට පත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

Neth