කොළඹ ජාතික අක්ෂි රෝහලේ අද (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.
උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ලෙසින් වැනේඩියම් ලංකා ආයතනය සිය මෙහෙයුම් කටයුතු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ආරම්භ කෙරිණි.
නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමාට උපදෙස් ලබා දී ඇති බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු සමඟ එක්ව සංවිධාන කළ "රන්සළු" ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (06) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
ඩුබායි හි පවැත්වීමට නියමිත COP28 ලෝක නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
NSBM හරිත සරසවියේ 2023 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනපති පවසයි.
ජනපති අවධාරණය කරයි
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පැවැත්විණ.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ හමුවක් ඊයේ (02) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් මේ වන විට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ථ දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදු වූ අතර, පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් පියවරෙන් පියවර එය යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් සියලු කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (01) අළුයම නිකුත් කර තිබේ.
වර්තමානයේ පවතින අධික වර්ෂාපතනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කදු කඩාවැටීම සහ දුම්රිය මාර්ගයට ගල් පෙරලී තිබීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.
Page 57 of 644