Thursday, November 28, 2024
Follow Us
කංසා වැවීමට කැබිනට් අනුමැතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය ඊයේ  (5) හිමිවිය.

එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

දේශීය ආර්ථිකය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට නෛතික බලය දී තිබුණද එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ ඩොලර් ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ මහත්මිය පෙන්වා දුන්නාය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මෙසේ පැවසුවේ එම කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

-Aruna