Wednesday, February 11, 2026
Follow Us
විදුලිය සහ තෙල් සම්බන්ධයෙන්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවා ලෙස මෙම සේවාවන් නම්කර ඇත.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.