Thursday, July 16, 2026
Follow Us
State

සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක 09 ක ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.  ඒ මහතා මේ බව සඳහන් කළේ ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙළ පිළිබදව  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති  මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී. 

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා ,

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය අපට ලැබුනා. එය කළාපයේ රටවල් 03 කට පමණයි ලැබුනේ. ඉන්  එක රටක් තමයි  ශ්‍රි ලංකාව. ලෝකය පුරා ප්‍රතිශකිත්කරණ වැඩපිළිවෙල ශක්තිමත්ම සහ ආවරණය වැඩිම (සියයට සියයක් සහ සියයට 99.5 ක්) රට ශ්‍රී ලංකාව. කොවිඩ් වසංගතය සමග ප්‍රතිශක්තීකරණ ආවරණය ලෝකය පුරාම අඩු වුණා. මේ නිසා ලෝව පුරා සරම්ප රෝගීන් වාර්තාවිමක් දක්නට ලැබෙනවා. ඉන්දියාව, පකිස්ථානය ඇතුලු බොහෝ රටවල මෙය වාර්තා වෙනවා.

සංවර්ධනය වූ රටවල පවා වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල පසුගිය කාලය සරම්ප රෝගීන්  වාර්තා වනු දැකගන්නට ලැබුනා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර , යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඒ දිස්ත්‍රික්කයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපයේ තිබෙන කාර්යාලයත් සමග සාකච්ඡා කර, ජීනිවා කාර්යාලයත් සමග සාකච්ඡා කර ඒ පිළිබද විද්වත් අදහස් ලබාගෙන විශේෂ වැඩසටහනක් සුදානම් කළා.  මාස 06 ත්, 09 අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදිමට. එම වැඩසටහන වැඩිපුරම සරම්ප රෝගින් වාර්තා වන දිස්ත්‍රික්ක 09 තුල පමණයි ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙම වැඩසටහන 2024 ජනවාරි මස  06 වනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.  ලගම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබනවා. වයස මාස 09 ත් 15 ත් අතර,  කිසියම් අයෙකුට සරම්ප එන්නත් ලැබී නැතිනම් ඒ අය සදහා ද සරම්ප එන්නත් ලබාදිම ද  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 

නැවැත වරක් සති දෙකකට පසු ජනවාරි මාසයේ තුන්වන සතියේ නැවත මෙවැනි වැඩසටහනක් දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි අරමුණ සරම්ප රෝගීන් වාර්තාවීම අවම කර ගෝලිය වශයෙන් සහ කළාපීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද  උපදෙස් අනුව කටයුතු කරමින් මෙරට සරම්ප රෝගීන් අවම මට්ටමකට ගෙන ඒම.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

State

විදේශ රැකියා අපේක්ෂිතයන් සඳහා යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State

ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ජංගම දුරකථනයේ ඇසුරුමෙහි සඳහන් කර ඇති ඉමි අංකය වෙනත් ඕනෑම ජංගම දුරකතනයකින් IMEI ලෙස ටයිප් කර ඉඩක් තබා අංක 15කින් සමන්විත ඉමි අංකය ටයිප් කර කෙටි පණිවිඩයක් ලෙසින් “1909” ට යොමු කරන්න.

State

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද පත් කර තිබේ.

State

අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරනවා – ජනපති

State

COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State
  • අසීරු අවස්ථාවලදී නායකත්වය ගැනීමට නොබියව ඉදිරිපත් වන්න

ජනපති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ උළෙලේදී පවසයි

State

රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ආරාධනා කර සිටි.

State

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

State
  • බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි.
  • ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන්න
  • ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා

ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි

State

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි.

State

වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

State

ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2023 (2024) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම 2023.12.29 වන දින මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

State

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී තිබේ.

State
  • සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි ආයතනය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින්

– ජනපති
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය,