අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම ඊයේ(11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.
විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා යථාවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2023 අප්‍රේල් 7 සිට 2023 ජූලි 5 (එම දින දෙකද ඇතුලුව) කාලය තුල උපත ලද දරුවන්ගේ මාපියන්ට විශේෂ දැනුම් දීමක්
මොළයට හානිවීම, නියුමෝනියාව, අන්ධ භාවය, බිහිරි භාවය, දරුණු පාචනය සහ මාරාන්තික සංකූලතා ගෙන දිය හැකි සරම්ප රෝගය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල මෙන්ම ලංකාව තුලද කුඩා දරුවන් අතර පැතිර යමින් පවතී.
සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමටත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කරමු යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ අද (13) සහ හෙට (14) දෙදින ගාල්ල සහ මඩකලපුව හෙද විදුහල්වල පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චාමික එච්.ගමගේ මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කල සේවකයන්ගේ සේවය අත් හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
ජනවාරි 03, 04, 05 දිනවල ඇතැම් සේවක පිරිස් විසින් ගෙන යන ලද වැඩවර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් අඩපන කරමින් කටයුතු කිරීම පිළිබඳ වූ මහජන පැමිණිලි අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි ද ඇමතිවරයා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.

තේ පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
උතුරු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරි මස හත්වැනි දින ආරම්භ වීමට නියමිතය.
විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
In a groundbreaking move towards embracing technology, the Kandy Municipal Council (KMC) has forged a strategic partnership with Pay&Go, a leading mobile payment app, to facilitate seamless tax and bill payments in Sri Lanka.
Page 55 of 644