Friday, August 22, 2025
Follow Us
State

ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

State

ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළිත් අවස්ථාව.
ලිඛිත අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 10වනදා තෙක් අවස්ථාව.

State
ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.
State

විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය අද (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ .

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබේ.

State
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්රියාවන්ට එරෙහිව ක්රියාත්මක වීමට අවශ්ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා ප්රකාශ කළේය.
භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්යවරයා අවධාරණය කළේය.
State

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State
  • නව සැපයුම්කරුවන්ගේ පළමු ඉන්ධන නැව ජුලි මස අවසානයේ ලංකාවට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර.

විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

State

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මේ වන විට රටේ සියලු ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන බවත්, ධීවර ජනතාවගේ ගැටලු විසඳීමට ද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

State

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා) ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.

State
  • ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය.
  • කොළඹ වරාය නගරය සඳහා ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්.
  • සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීමටත් සූදානම් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා.
State

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2023.07.04 දින සිට ආරම්භ කරනු ලබන අතර 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැක.

State

කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පසුගියදා ආරම්භ කෙරිණි.

State

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී පසුගියදා (01) සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

State
  • ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කර නව බැඳුම්කර හුවමාරුව එන අඟහරුවාදා

  • මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ආර්ථිකය ඉදිරියට යෑමට නම් පෞද්ගලික අංශයට වඩා ලාභදායි අරමුදල් අවශ්‍යයයි

  • වාණිජ මණ්ඩලයේ සභාපති

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිලි කර දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.

State

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.