Monday, May 06, 2024
Follow Us
ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි

ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සම්මුඛ පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශයේදී සිදුකෙරෙන බවය.

එසේම ඊට අදාළ සුදුසුකම් ලබා තිබුණද මේ දක්වා කැඳවීම් ලිපි ලැබී නොමැති අයදුම්කරුවන්ට www.moha.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති ලේඛනයෙන් එම තොරතුරු ලබාගත හැක.

එසේම එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳව එම වෙබ් අඩවිය මගින් තොරතුරු ලබාගතහැකි බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.