Wednesday, May 08, 2024
Follow Us
පාසල් සිසුන්ගේ  පොත් බෑගයේ බර අඩු කිරීමට උපදෙස්

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින පෙන්වා දී තිබේ.

එබැවින් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.

අදාළ උපදෙස් මාලාව පහත දැක්වේ,

school L 111