Friday, August 22, 2025
Follow Us
State
ඉදිරියේ දී විද්යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්යාලයකට බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි.
State

පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.

2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.

State

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.

State

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07වන කණ්ඩායම බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

දූෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා

State

මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බවත් 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ද මෙම වර්ෂාවසානයට පෙර පවත්වන අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

State

ප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

State

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කොළඹ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය කි. මී.5.27ක දිගින් යුතු වේ. මංතීරු 4කින් සමන්විත එහි පළල මීටර් 25කි.

State
  • ආයතනයේ සිදුව ඇති ගණුදෙණු පිළිබ වෝහාරික විගණනයක් සිදුකිරීමට කමිටුවෙන් උපදෙස් 
  • මාස 06 කට පසු නැවත ප්‍රගති සමාලෝචනය කිරීමට තීරණය කෙරේ 

කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කලක් තිස්සේ පැවති අක්‍රමිකතා හෙළිදරව් කිරීම හේතුවෙන් අදාළ අක්‍රමිකතා මගහරවාගෙන ආයතනය දියුණු කිරිමට කටයුතු කිරීමට හැකිවි ඇති බැවින්  ඒ පිළිබඳ කෝප් කමිටුවට සිය ස්තූතිය පල කරන බව පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙත 2023 මාර්තු 07 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පාරලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

කෝප් කමිටුවේ නියෝග මත ආයතනය විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා සහ ලිපි ලේඛන සලකා බැලූ බවත් මේ වන විට ආයතනය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය.

කාර්ය මණ්ඩල බවා ගැනීම් විධිමත් කිරීම

මෙහිදී මහා භාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ කෝප් කමිටුව විසින් ලබා දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ලෙන ඇති බව සහ ඒ අනුව ආයතනයේ කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය බඳවා ගැනීමේ පටිපාටි කළමණාකරනසේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට මේ වන විට දැන්වීම් පල කොට තිබේ.

වාර්ෂික වාර්තා සහ සංයුක්ත සැලැස්ම ඉදිරිපත් කිරීම

එමෙන්ම ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමද කඩිනම් කිරීමට කටයුතු කරන බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. ආයතනයේ සංයුක්ත සැලැස්ම මේ වන විටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමතියට යටත්ව එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් මෙහිදී අවධාරණය විය. 

සංයුක්ත සැලැස්මේ ව්‍යාපාරික අරමුණු

දැනට ඉදිරිපත් කර ඇති සංයුක්ත සැලැස්මේ අඩංගු ව්‍යාපාරික අමුණු සාක්ෂාත් කිරීමේ උපායමාර්ග පිළිබඳ කෝප් සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි නිලධාරින් සඳහන් කළේ ආයතනයේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික සැලැස්මක් මේ වන විට සකස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

අක්‍රමිකතා පිළිබ මූලික විමර්ශන

කමිටුවේ නිර්දේශ අනුව ආයතනයේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කොට අතුරු වාර්තාවක් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කොට ඇති බවද මෙහිදී ප්‍රකාශ විය. එයට අමතරව ආයතනයේ අක්‍රමිකතා රැසකට වගකිවයුතු යැයි සැලකෙන සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද පැමිණ සිටි නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙහිදී පරික්ෂණ වාර්තාව පිළිබඳ අදහස් දැක්වූ නිලධාරින් පෙන්වා දුන්නේ 2006 සිට කටයුතු කළ උක්ත සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පරිපාලණ ගැටලු රාශියක් මතුව ඇති බවයි.එයට අමතරව අක්‍රමවත් බඳවා ගැනීම්, ප්‍රතිරක්ෂණය ක්‍රියාත්මක නොකිරීම, නිලධාරින්ට රාජකාරී ලැයිස්තු ලබා නොදීම, නිලධාරීන්ට අසමාන අයුරින් සැලකීම, ආයතනයේ සුභසාධනය කපා හැරිම, ආයතනයේ කාර්ය සාධනය දිගින් දිගටම අඩුවීම ඇතුළු අනෙකුත් අක්‍රමිකතා රැසක් වාර්තාව මගින් අනාවරණය වූ බවයි.

මෙහිදී කෝප් කමිටු සාමාජිකත්වය උපදෙස් ලබා දුන්නේ සිදුකර ඇති විමර්ෂණය ප්‍රමානවත් නොවන බැවින් ආයතනයේ සිදුවී ඇති ගණු දෙණු සම්බන්ධව වෝහාරික විගණනයක් හෝ එවැනි ගැඹුරු විමර්ෂණයක්  පවත්වන ලෙසයි. මාස 06කට පසු ආයතනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව නැවත කැඳවන බවද සභාපතිවරයා දැනුම් දුන්නේය.

එයට අමතරව ආයතනයේ සමහර ලිපිගොණු අතුරුදන් වීම සහ පැරණි ඩිජිටල් දත්ත මකා දැමීම සම්බන්ධව මෙන්ම තොරතුරු වාර්තා වන බව සඳහන් කළ කොප් කමිටු සාමාජිකත්වය ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට දැනුම් දුන්නේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාාරච්චි ,ගරු (නීතිඥ) මධුර විතානගේ සහ ගරු රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

State

ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

State

නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ජාතික පද්ධතිය සමග එකතු කිරීම සිදු කරනු ලැබුණි.

State

ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

State

ඕනෑම පුද්ගලයෙකුට 1315.lk ජංගම දුරකථන යෙදුම ඔස්සේ ලංගම බස් සේවා ආසන වෙන්කරවා ගතහැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

ඉන්දියානු NTPC විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතන වල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ලංකා විදුලිබල මන්ඩලය සහ ඉන්දියානු NTPC ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙගාවොට් 130ක සාම්පූර්, සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.

State

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දැනුම් දී තිබේ.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

State

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් ඊයේ  (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

State

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.