Thursday, August 21, 2025
Follow Us
State

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

State
ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
State

රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් – ජනපති අවධාරණය කරයි.

State
  • සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි

                - ජනපතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසු ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින ක්‍රියා පටිපාටිය මත ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණි.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමටත්, විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

 

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටට ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු සහ සෞඛ්‍ය සේවා ආයතනවල කාර්ය මණ්ඩලවල නොසැලකිලිමත් බව නිසා සිදුවූ බව පැවසෙන මෑත කාලීන සිදුවීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීම, වෙනත් අරමුණු සඳහා අරමුදල් යෙදවීම වැළැක්වීම හා, වෛද්‍ය උපකරණ සඳහා හිඟ ගෙවීම් මෙන්ම සේවා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මූල්‍ය විනිවිදභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ලියකියවිලි සඳහා අදාළ බලධාරීන් අත්සන් තැබීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මෙතෙක් ලියාපදිංචි වී නොමැති වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි සති දෙකක් තුළ සංශෝධනය කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක යන මහත්වරු සහ රේඛීය රාජ්‍ය ආයතනවල ප්‍රධානීහුද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

State

පශු වෛද්‍ය නිලධාරීන්ගේ නොවිසඳුනු රාජකාරි ගැටලු සුදුසු ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දුන්නාය.

State

2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

State

75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ,  යාපනය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග වල ධාවනය උදෙසා නව බස්රථ 24ක්‌ ධාවනයට එක් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්යාපනයේදී සිදු කෙරිණි.

State

සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක්.
කලා උපාධිධාරීන් සඳහා සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්.
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

State

 රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරිණි.

State

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි : ??/????(???) ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

State
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද (13) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
State

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

State

“යළි පිබිදෙන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා කර්මාන්තය”
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය සමඟින් එක්ව සංවිධාන කළ දෙස් විදෙස් ගුවන්සේවා ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගී වන දැනුම හුවමාරු කර ගැනීමේ වැඩමුළුවක් සහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (14) කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා නිලධාරීන් 6 දෙනෙකු පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

State

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ආනයනය , අපනයනය , විකිණීම , සැපයීම හෝ බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා අද ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. 

State

2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

State

2024 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

State
ඉදිරියේ දී විද්යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්යාලයකට බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි.