Wednesday, February 11, 2026
Follow Us
පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024.04.10 වන බදාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර  2024.04.17 වන බදාදා දින ආරම්භ වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.