Sunday, May 05, 2024
Follow Us
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ තීරණයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව සඳහා එලෙස අනුමැතිය හිමිව ඇත.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 1988 අංක 27 දරණ ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත මගින් විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත.

සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාවය අනුව වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ශීෂ්‍යභට නිළධාරීන් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය උපාධි පිරිනැමීම සඳහා 2011 වර්ෂයේ දී මෙම විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨය ආරම්භ කර ඇත.