Wednesday, February 11, 2026
Follow Us
තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේ දී වාහන දඩ පත්‍රිකා භාර ගැනේ

තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත රාත්‍රී කාලයේ දී රථවාහන දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම දිවයින පුරා පිහිටි රාත්‍රී සේවා වාර සහිත තැපැල් කාර්යාල මගින් 2024.03.18 සිට ලබා දීමට කටයුතු යොදා ඇතැයි තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී. සත්කුමාර මහතා නිවේදනය කර ඇත.

ඒ අනුව පහත ලේඛණයේ සඳහන් තැපැල් කාර්යාලවලින් දක්වා ඇති කාලවේලාව තුළ රථවාහන දඩ පත්‍රිකා සඳහා මුදල් ගෙවීමේ පහසුකම සලසා තිබේ.