Monday, April 29, 2024
Follow Us
ජාතික අවම වැටුප වැඩි කෙරේ

ජාතික අවම වැටුප වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව  කැබිනට්  ප්‍රකාශක , ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර  2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රු. 12,500 ක් ලෙස නියම කර තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිත සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශවික අනුකමිටුවක් මඟින් එම වැටුප රු. 17,500 ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. 

ඒ අනුව, ජාතික අවම වැටුප රු. 12,500 සිට රු. 17,500 දක්වා රු. 5,000 කින් වැඩිකිරීමට සහ ජාතික අවම දෛනික වැටුප රු. 500 සිට රු. 700 දක්වා රු. 200කින් වැඩි කිරීමට හැකිවන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවහ වේතන පනත සංශෝධනය කිරීම සඳහා කම්කරු හා විදේශ රුකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.