Monday, April 29, 2024
Follow Us
මන්නාරම් දුපතට සුළං බල මධ්‍යස්ථානයක්

මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

ආසියා සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටයිබයින හයක් සවිකිරීම මගින් විදුලි උත්පාදනය ඉහළ නංවා ගැනීම මෙහි අරමුණ වී ඇත.

පෞද්ගලික අංශයේ ආයෝජකයින් මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අදහස වී ඇති අතර වසර විස්සක මෙහෙයුම් කාලසීමාවක් සහිතව අදාල බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇත.

රජයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන තෙක් ආසියා සංවර්ධන බැංකු අරමුදල් භාවිත කිරීමට හැකියාවක් නැති බැවින් මෙම  ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.