පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්, ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සදුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මෙම වර්ෂයේ මැයි - ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බවත්, මේ වර්ෂයට අයත් උසස් පෙළ විභාගය ද 2025 වසරට පෙර පවත්වා සියලු විභාග යථාවත් කරන බවත්, ඒ අනුව 2025 නව පාසල් වාරය සාමාන්‍ය පරිදි ජනවාරි මාසයේ මුල සිට ආරම්භ කිරීමට සියලු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ පැවති පාසල් පෙළ පොත් හා නිල ඇදුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහනට අද (14) පෙරවරුවේ එක්වෙමිනි.