Friday, October 03, 2025
Follow Us
“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” නියමු ව්‍යාපෘතියේ සිව්වන මධ්‍යස්ථානය මහනුවර, පොල්ගොල්ලවත්ත දී ජනතා අයිතියට
සිව්වන ආරෝග්යා සුවතා මධ්යස්ථානය මහනුවර දිස්ත්රික්කයේ ල්ගොල්ලවත්ත ආරෝග්යා සුවතා මධ්යස්ථානය පසුගියදා (02) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචිය හා සහ ඊට අදාළ කාඩ්පත ලබාදීම ද අමාත්යවරයා අතින් සිදුවිය.
 
ආරෝග්යා සුවතා මධ්යස්ථානයෙන් සිදුවන සේවාව පිළිබදව පැමිණි සිටි ජනතාව මෙහි දී දැනුවත් කළ අමාත්යවරයා නව සංකල්පයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ නමුත් මෙහි ජයගතයුතු සෞඛ්ය අභියෝගයන් රාශියක් තිබෙන බව ද පැවසී ය.
 
ග්රාම නිලධාරී වසම් හතරක හෝ පහක පන්දහසක් ,දසදහසක් අතර ජනතාවක් ආවරණය වන පරිදි සෞඛ්ය කණ්ඩායමක් ද හඳුන්වාදී එම ජනතාව මෙම මධ්යස්ථානයට භාරකරන බවත්, නාම පුවරුවේ සදහන් පරිදිම මෙය සුවතා මධ්යස්ථානයක් බව ද අවධාරණය කර සිටියේය.
 
ඒ් සදහා අඳාළ ප්රදේශයේ ජනතාව ලියාපදිංචිකර අවශ්ය මුලික පරික්ෂණ සිදු කරන බව ද, මෙම මධ්යස්ථානයට අනුයුක්තවන වෛද්ය නිලධාරියාගේ සීමාවෙන් ඔබ්බට ගොස් වෛද්ය පරීක්ෂණ සහ සෞඛ්ය ප්රතිකාර කටයුතු සදහා එම ජනතාවට පහසුවක් ලෙස දිනයක්, වේලාවක් වෙන්කර ළගම තිබෙන ද්විතීයික හෝ තෘතීයික රෝහලකට වැඩිදුර ප්රතිකාර සදහා යොමුකරන බව ද අවධාරණය කර සිටියේ ය.
වයස අවුරදු 30ත්, 70ත්, අතර මෙරට පිරිමි පාර්ශවයේ සිදුවන මරණවලට වැඩිම හේතු සාධකය වන්නේ බෝනොවන රෝග බවත්, එම වයස් පරතරයේම කාන්තාවන්ගේ ද වැඩිම මරණවලට හේතුව වී ඇත්තේ පිළිකා තත්ත්වයන් බව සෞඛ්ය දත්ත පෙන්වා දෙන බව අමාත්යවරයා මෙහි දී කරුණු හෙළි කර සිටියේය.
 
මෙම තත්ත්වය වෙනස් වෙමින් යන බවද පැවසූ අමාත්යවරයා කාන්තාවගෙන්ද වැඩිම ප්රමාණයක් මියාමට හේතුව වන්නේ ද බෝනොවන රෝග බවත්, රටේ සංවර්ධනයට දායක වෙමින් සිටින කාණ්ඩයේ ජීවිතය අහිමිවීම කනගාටුවට කරුණක් බව ද පැවසී ය. 30-70 ලෙස සඳහන් කළ ද 40-50 වයස් කාණ්ඩය වැඩි වශයෙන් ගොදුරුවන බව සදහන් කර සිටියේය.
දිනකට අලුත් පිළිකා රෝගීන් සියයක් වාර්ථා වන බව අවධාරණය කළ අමාත්යවරයා වසරකට 35000 පමණ පිළිකා රෝගීන් වාර්ථා වන බවද මෙහි දී පෙන්වා දුන්නේය. මෙයින් 35% ක් එනම්, 13000 ක් විතර මහරගම අ‌පේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ලෙස ප්රතිකාර ආරම්භ කරන බවත්, එම රෝග සංකූලතාවයට පැමිණ අවසාන මොහොත් ප්රතිකාර කිරීම සදහා විශාල මුදලක් වැයකර ඉතා උසස් නවීන උපකරණ මිල දී ගන්නා බවත් ,ඊට අවශ්ය ගොඩනැගිලි ඉදිකර දෙන බවත්, විහේෂඥයින් පුහුණුකරන බව ද පැවසීය.
වසරක ඖෂධ වියදමින් 30% ක් වැය වන්නේද පිළිකා රෝගවලට ප්රතිකාර කරන ඖෂධ සදහා බවත්, මෙයට විසදුම කුමක්ද, සියලු කාරුණු සලකා බැලූපසු මේ සියල්ලම පාලනය කරගත හැකි අවස්ථාව මුල් අවස්ථාවේ රෝග හදුනාගැනීම බවද අමාත්යවරයා මෙහි දී සදහන්කර සිටියේය.
 
මෙහි විශාල අර්ථයක් පවතින බවත්, ජනතාවට යම් රෝගයක් වැළදී සංකූළතා ඇතිවී රෝහලට යාමට පෙරම රෝගය කළින් හදුනාගැනීම මෙම මධ්යස්ථානයෙන් සිඳුකරන බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝගද ඇතුළත්ව බෝනොවන රෝග කළින් හදුනා ගැනීම සිඳුකරන බව ද පැමිණි සිටි ජනතාව හමුවේ පැවසී ය.
 
මෙම මධ්යස්ථාන තුළින් ජනතාවට සෞඛ්ය උපදේශනය, ඖෂධ ලබා දෙන ස්ථානයක් පමණක් නොවන බවත්, අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්රතිකාර සේවාවන් ද ආරම්භ කරන බවත්, ඒමෙන්ම ශාරීරික ව්යායාම,යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ඔබේ ජීවිතයට හුරුකරන තැනක් බවට පත්කරන බව ද පැව සී ය.
ගබඩාගම දකුණ, ගබඩාගම උතුර, ගුණ්නෙපාන සහ උඩ ගුණ්නෙපාන උතුර යන ග්රාමසේවා වසම්වල වෙසෙන හත්දහසකට ආසන්න ජනතාවකට මෙම ආරෝග්යා සුවතා මධ්යස්ථානය මගින් සේවාවන් සැපයෙනු ඇත.
 
බෝ නොවන රෝග සදහා ප්රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්ය වෛද්ය ප්රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්ය සත්කාර, මානසික සෞඛ්ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්රජා බල ගැන්වීම ඇතුළුව ප්රාථමික සෞඛ්ය සත්කාර සේවා රාශියක් මෙම මධ්යස්ථානය තුළින් ජනතාවට ලබා දීමට නියමිතය.
 
මෙම සෑම මධ්යස්ථානයකට ම පවුලේ වෛද්යවරයෙක්, ප්රජා සෞඛ්ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්රජා සහභාගීත්වය සහ ප්රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්යස්ථාන තුළින් එම ප්රදේශයටන්ට සහ එම ප්රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්රිතව මතුවන සෞඛ්ය ගැටළු නිරාකරණය කිරීමේ ක්රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණක් වේ.