Saturday, February 14, 2026
Follow Us
ගත වූ මාස 09 තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවේ අලුත්ම වාර්තාව

2025 වසරේ ගත වූ මාස 09 තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,725,494ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

සැප්තැම්බර් මාසයේ දී පමණක් සංචාරකයින් 158,971 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

එය පසුගිය වසර කිහිපයක සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම හා සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් ලෙස දැකිය හැක.

වැඩිම සංචාරක පැමිණීමක් ඇති රටවල් ලෙස පිලිවෙලින් ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය දැක්වේ.