Friday, October 03, 2025
Follow Us
ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහා භාණ්ඩාගාරයට රු. බිලියන 6ක ලාභාංශ ප්‍රදානය කරයි
රටේ ප්රමුඛතම රාජ්ය ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 6ක ලාභාංශයක් අනුමත කර ඇත.

 

මෙම දායකත්වය පිළිබඳ නිල නිවේදනය පසුගියදා මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ දී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී.
 
ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2024 වසර සඳහා රු. බිලියන 28.05ක බදු පෙර ලාභයක් සහ 2025 වසරේ පළමු භාගය සඳහා රු. බිලියන 25.5ක බදු පෙර ලාභයක් වාර්තා කරමින් සුවිශේෂී ප්රතිඵල වාර්තා කර ඇත.