Wednesday, April 29, 2026
Follow Us
ICC ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 05 දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබේ.

පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලානයේ දැක්වූ දක්ෂතා මත පදනම්ව පැතුම් නිස්සංක මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මීට පෙර 07 වැනි ස්ථානයේ රැඳී සිටියේය.

මෙම ශ්‍රේණිගත කිරීම් වල අංක 01 රැඳී සිටි අභිෂේක් ශර්මා තමන්ගේ ස්ථනෙය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් පළමු ස්ථානයේ රැඳී සිටි.