නාකොටික් නිලධාරීන්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම සඳහා ඩුබායි සිට ක්‍රියාත්මක වූ දැවැන්ත සන්නිවේදන ජාලයක් උපයෝගී කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (14 වැනිදා) දැනුම් දුන්නේය.
මාර්ග හා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත් කලට වේලාවට ක්‍රියාත්මක නොවීමෙන් 2019 වසරේ දී රජයට රුපියල් කෝටි 2462ක් අහිමි වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2019 විගණකාධිපති වාර්තාවේ මේ බව දැක්වේ.
Around 20 high profile criminals among those involved in the hunger strike at the Boossa Prison had abandoned their strike as of yesterday afternoon.
Police today requested all motorcyclists and three-wheelers entering Colombo City to use only the left lane or the Bus Priority Lane tomorrow.
මරණීය දණ්ඩනය නියම වී ඇති වෙලේ සුදාගේ භාර ඔප්පු කිරීම සඳහා මරණයට කැපවූ එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කර එම සතුන් විවිධ පුද්ගලයින්ට ලබාදී ඇතැයි වෙලේ සුදාගේ මස්සිනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
මේ වන විට වෙළෙදපොළ තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද බිත්තර පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ හැකි සාක්ෂි වාර්තා වී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ශ‍්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් 32 ක් අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට බැඳී ඇති බව ඊශ‍්‍රායල් බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබියදී යහපාලන රජයේ ආරක්‍ෂක කවුන්සිලය එම තොරතුරු වසන් කර ඇතැයි අනාවරණය වී ඇත.
වසර 60ක් තිස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ගණනාවක් ලබාදුන් සුප්‍රසිද්ධ ලුමුම්බා විශ්ව විද්‍යාලය ඇතුළු රුසියානු විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙහි අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති, මහාචාර්ය හරේන්ද ද සිල්වා මහතා පවසයි.
එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහත නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරය දරණ කලය තුළ නැගෙනහිර පළාතේ අන්තවාදී සංවිධාන වලට ආයුධ ලබාදුන් බව නැගෙනහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණසේකර මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.
වනාතවිල්ලුව එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා.
විසිට් වීසා ලබාගෙන පැමිණ මාර්තු 1 වන දිනෙන් වීසා කල් ඉකුත්වූ විදේශිකයින් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමට දී තිබූ කාලය පසු ගිය අගෝස්තු 11 දිනයෙන් අවසන්වී ඇති අතර සහන කාලයද සැප්තැම්බර් 11 දිනෙන් අවසන් වූ බව එරට රැදී සිටින පිරිස් පවසති.
ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩිවීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ.
අද දහවල් හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 13 වන කොවිඩ් 19 ආසාදිත මරණයයි
A team of specialists from the Government will board the tanker MT New Diamond today to assess damages to the vessel and to collect oil and fuel samples for analysis.
මෙරට මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලංකාවට නැගෙනහිර ගැඹුරු මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල් නෞකාවේ අයිතිය ඉන්දියාව විසින් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.
විවිධ ආලේපන ක්‍රීම් වර්ග සහ දියර වර්ග එකතු කර නව නිෂ්පාදනයක් ලෙස රූපලාවණ්‍යාගාර සහ සුවඳ විලවුන් අලෙවි ස්ථානවලදී කාන්තාවන්ට අලෙවි කරන බැවින්, එවැනි නිෂ්පාදන මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියි.
Page 552 of 755