The isolation order in Weyangalla East (818) and Weyangalla West (818 A) Grama Niladari Divisions of the Kalutara District has been lifted with immediate effect, head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak Army Commander General Shavendra Silva said.
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළද ව්‍යාප්ත වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මේ සතියේදී ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.
අදියර කිහිපයක් යටතේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවකි.
The public have been urged to stay away from tourists after the country was placed on heightened alert for the new variant of the coronavirus.
The President instructed to commence the Oxford–AstraZeneca Covishield vaccines from Western Province (WP) today, Army Commander Gen. Shavendra Silva said.
ඊයේ දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 796 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ තවත් ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ රාත්‍රීයේ අලුතින් හඳුනාගත් බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (14) දිනයේදී ද මරණ 07ක් සිදුව තිබේ.
වසරක් තුළ මෙරට ජනතාව රුපියල් කෝටි 5,000කට ආසන්න පිටරටින් ගෙන්වන සීනි සහ රසකැවිලි පරිභෝජනය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසරට අදාල නවතම වාර්තාවට අනුවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 18 වැනිදා පැය 18ක ජල කප්පාදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
The travel bubble now includes some hotels in Colombo to mainly cater to business travellers, Daily Mirror learns.
Over 27,500 people have been found to be infected with the coronavirus in Colombo since October last year.
මුත්තයියා මුරලිදරන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පරිපාලකයන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන රීට් පෙත්සමට අදාලව මාර්තු 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ බළධාරීන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.
කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසනවා. කරුණු 07 ක් මත කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි මහාචාර්යවරිය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ.
A total of 3,880 persons were arrested in connection with various crimes such as possession of narcotics, drunk driving and for being in the wanted list of criminals during a special country-wide operation conducted yesterday.
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,600 ඉක්මවා තිබුණද තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,561 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 07ක් වාර්තා වුවද එම මරණ දින 03ක් තුළ සිදු වූ ඒවා බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගතවූ පැය 24 ක කාළසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සිදුකර ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.
මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ ලංසු ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර අයි පී එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර එහිදී අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ක්‍රීඩකයයින් 292 දෙනෙකු පමණයි.
Page 452 of 732