Friday, February 06, 2026
Follow Us
කතරගම දේවාලය වසා දමයි

කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් ඊයේ (12) සිට දේවාලය වසා දමා තිබේ.

කිසිදු බැතිමතෙකුට මළුවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත්, දේවාලය තුළ සිටින කපු මහත්වරු පමණක් දෙවියන්ට පුද පුජා පවත්වන බවත් මහා දේවල් ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා පවසයි.

පවතින කොවිඩ් තත්ත්වය පාලනය වන තුරු සියලු බැතිමතුන් දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කරයි.

(Aruna)