Wednesday, July 09, 2025
Follow Us
ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට (13) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

(13) පෙ.ව 08.30 සිට ප.ව 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)