Wednesday, July 09, 2025
Follow Us
පස් කන්දකට මවක් සහ පුතෙකු යටවෙයි

වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කර තිබෙනවා.

පස්කන්දට සිර වී සිටි අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි අතර එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මිය ගිය පුද්ගලයාගේ මව ඉන් මුදාගෙන වරකාපොළ රෝහළට ඇතුළත් කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ සිරුර වරකාපොළ රෝහළේ තැන්පත් තිබෙනවා.

(Neth)