Friday, February 06, 2026
Follow Us
වාද්දුව දුම්රිය ස්ථානය වසා දමයි

වාද්දුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීම පියවර ගෙන තිබේ.

ඒ දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ හේතුවෙන් වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩල ද තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව තාවකාලිකව වාද්දුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම් හා දුම්රිය නිවේදන කටයුතු සිදු නොවනු ඇත.

මේ වන විට වාද්දුව දුම්රිය ස්ථානය විෂබීජ හරණය කර ඇති අතර, මගීන්ට එම දුම්රිය ස්ථානය මගින් සිය ගමන් පහසුකම් සලසා ගත හැකි වේ.

(Aruna)