බස්රථ ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මගී ජනතාවගේ අවශ්‍යතා පරිදි දුර ගමන් සේවා සහ අධිවේගී මාර්ගවල ලංගම බස්රථ ධාවනය මේ වනවිට සිදු වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ. අද අළුයම් කාලයේ බස් රථ ධාවනය අවම මට්ටමක පැවතීමට හේතුව ලංගම සේවකයින් ගම්බිම් බලාගොස් තිබීම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මෙරටින් ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 226 දෙනා අතරින් වැඩිම පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. ඒ අනුව නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් කොරෝනා ආසාදිත බවට ඊයේ හඳුනා ගැණුනු පිරිස 41 දෙනෙකු වනවා.
දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ (12 වැනිදා) පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඊයේ (14) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. දෛනික ආසාදිතයින් ගණන මෙතරම් අඩුවක් පෙන්නුම් කෙරෙන්නේ මාස හයකට පමණ පසුවය.
මෙරට මුස්ලිම් වැසියන් ඔවුන්ගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ කරනවා. මාසයක කාලයක් පුරා උපවාස කිරීමෙන් අනතුරුව නව සඳ දැකීමෙන් පසුවයි ඔවුන් එම උපවාස කාල සීමාව අත්හරිනු ලබන්නේ.
Sri Lanka will import 39,000 tonnes of dehydrated coconut chips to manufacture coconut oil to meet the local demand for edible oil without any shortage to be triggered otherwise by the ban imposed on palm oil, an official said.
උත්සව සමය ආහාර නාස්තිය වැඩි වශයෙන් සිදුවන කාලසීමාවක්. මෙම කාලසීමාවේදී කුසට ආහාරයක් නොමැතිව දිවිගෙවන පිරිස් කොතෙක් ඇත්ද. අලූත් අවුරුදු සමයේදී ඒ පිළිබදව ද සිහි තබා ගනිමින් ආහාර නාස්තිය අවම කිරීමට පියවර ගන්නා ලෙසයි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දින 04ක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීම සඳහා සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබෙනවා.
පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින් පමණ තමන්ට ඇරයුම් ලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඕස්ටේ්‍රලියාවේ සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඩිල්ෂාන් සදහන් කළේ තමන් එම ආරාධනා පිළිනොගත් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අත්දැකීම් ලබාදීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද පෙරවරු 09 සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ, උත්සව සමයේ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමේ අරමුණීන්. ඒ අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 06 දක්වා ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
The Ceylon Petroleum Private Bowser Owners Association (CPPBOA) today warned that there would be a fuel distribution shortage in the country after the Sinhala and Tamil New Year.
ගතවූ පැය 24ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය ද තීරණය කර තිබෙනවා. ඒ, රටතුළ එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීමෙන් අනතුරුවයි. අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් එම තීරණය ගනු ලැබුවේ. අමෙරිකාව තුළ මේවනවිට අදාළ එන්නත් මාත්‍රා මිලියන 6 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබෙන අතර ඉන් රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් 06 ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Two more COVID-19 related deaths were reported yesterday taking the death toll to 604, the Government Information Department said.
මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළිත් ඊයේ (12) දිනයේදී 3000 සීමාව ඉක්මවා ගියේය. පසුගිය මාසය වනවිට මෙය 2500 සීමාවෙන් ද පහළට ගොස් තිබිණි.
ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.
Page 433 of 737