කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (21) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ද කොවිඩ්-19 එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.
තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යයාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කලැයි චෝදනා එල්ලවී සිටින යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර ඇත.
කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන විය යුතු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 3ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
The health guidelines to be adhered by people during the upcoming Sinhala-Tamil New Year season would be issued in the near future, Director General of Health Services Dr. Asela Gunawardena said today.
රටේ පවතින තත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් 19 එන්නත ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
පොදු ප්‍රවාහන බස් සේවා වෙනුවෙන් විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් සඳහා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් රජයට කොන්දේසි පහක් ඉදිරිපත් කර තිබේ.
කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.
The railway trade unions today decided to call off their trade union action after a favourable response following the discussion with the transport Minister a short while ago, Locomotive Engine Operators' Union (LEOU) Secretary Indika Dodangoda said.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේදී නිරෝධායනය විය යුතු කාල සීමාව වහාම වෙනස් කිරීමට කොවිඩ් මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය උපදෙස් නිකුත් කර ඇත.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා තෙවන වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමු කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. ඒ, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින් අත්පත් කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ 51%ක කොටස් අයිතිය සහිතව ජපානයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගනිමිනි. ඒ අනුව එම ණය මුදලෙන් 49%ක් ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට ගෙවීමට සිදුවේ.
අසාධාරණ විනය ක්‍රියාමාර්ග වලට විරෝධය පළකිරීමට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගම වන එයාර් බස් (Air bus) ආයතනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක (රු. කෝටි 20,000ක) වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා ඇත. එයාර්බස් සමාගම සමග සිදුකළ ආන්දෝලනාත්මක ගනුදෙනුවේදී ශ්‍රීලංකන් ගුවන් සමගාමට සිදුවූ අලාභය, කීර්තිනාමය අහිමිවීම සහ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීම යන කරුණු වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ අරුණට පැවසීය.
මෙරට ජනගහනයෙන් සියයට 50 කට කුමන හෝ දන්ත රෝගයක් පවතින බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පැවසුවේ වයස අවුරුදු පහේ දරුවන්ගෙන් සියයට 63කට දන්ත කුහර පවතින බවයි.
Former Director of the Criminal Investigations Department SSP Shani Abeysekera and two others, arrested on charges of providing false evidence, have been further remanded till the 31st of March.
Page 433 of 726