Thursday, February 05, 2026
Follow Us
අපරාධ සිදුකර විදෙස් ගතව සිටින මහා පරිමාණ අපරාධකරුවන් 24 කට රතු නිවේදන

විදෙස් රටවල සැඟව සිට මෙරට විවිධ අපරාධ සහ ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් 24 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර පොලිස් භාරයට ගැනෙන මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ බවට පත්වීමෙන් අනතුරුව කඩිනමින් ඒවා විනාශ කිරීමට අවශ්‍ය නීති මෙම වසර තුළ සංශෝධනය කෙරෙනු ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

(Neth)