Wednesday, November 05, 2025
Follow Us
නිරෝධායන රීති කඩකළ 1,082ක් හසුවෙයි

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 1,082ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව මහනුවර, මාතලේ සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

මේ අනුව පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා නිරෝධායනරීති කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 40,674 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.

(Aruna)